කතරගම ඇසළ පෙරහැරේ අලි කුලප්පුවෙන් 13 දෙනෙකු රෝහල් ගත කෙරේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහැර ආරම්භවී වීදි සංචාරය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පෙරහැරේ සිටි අලියෙකු කුලප්පු වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම ස්ථානයේ දැඩි නොසන්දුන්කාරී තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් කතරගම වාර්තාකරු පැවසුවේ.

පෙරහැර නැරඹීමට පැමිණි බැතිමතුන් එම අවස්ථාවේදී එකිනෙකා තෙරපීම සහ පෙරහැර භූමියෙන් ඉවත් වීමට උත්සාහ කිරීමේ දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි රොහල් ආරංචි මාර්ග පැවසුවේ

menu
menu