රුපියල්  25000 ක් නිසා රාජ්‍ය සේවකයන්  අද සහ හෙට ලෙඩ වෙයි

වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් අද සහ හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසුවේ රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමූ රජයේ විධායක ශ්‍රේණි නිලධාරින්ගේ දීමනාව සිය සාමාජිකයන්ට ලබාදෙන ලෙසට රජයට බල කරමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

menu
menu