ධීවරයන් පහකට මරු කැඳවූ බෝතලය ගැන  පොලිසිය කියපු  කතාව

මහ මුහුදේ දී ධීවරයන් පස් දෙනෙකුට මරු කැඳවූ බෝතලය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශන ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

එම බෝතලයේ තිබූ ද්‍රාවණය පානය කර මේවන විට ජීවතුන් අතර සිටින ධීවරයාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.


“ඩෙවෝන් 5” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් සිටි ධීවරයන් පිරිසක් මුහුදේ පාවෙමින් තිබූ එම බෝතලය සොයාගනු ලැබුවා.

එම බෝට්ටුවේ සිටි ධීවරයින් පසුව අදාළ බෝතලයේ තිබූ ද්‍රවණය පානය කර තිබුණා.

එය පානය කිරීමෙන් අනතුරුව ධීවරයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා සිංගප්පූරු ධජය සහිත නෞකාවකින් සිය භාරයට ගනු ලැබුවා.

ඉන් අනතුරුව එම ධීවරයා රැගෙන ඒම සඳහා විජයබාහු නෞකාව එම ස්ථානයට වෛද්‍යවරුන් කණ්ඩායමක් සමඟ පිටත් කර හැරීමට නාවික හමුදාව පියවර ගනු ලැබුවා.

ගොඩබිමට රැගෙන ආ එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කෙරුණා.

menu
menu