මිත්තණියගේ ඝාතනයට මුනුපුරාගේ බිරිඳ අත්අඩංගුවට

ඇත්ගාල උලපනේ ප්‍රදේශයේදී මහලු රෝගී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් වාර්තා වේනවා
ඊයේ (07) අළුයම මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේ
එලෙස ඝාතනය කර ඇත්තේ 78 හැවිරිදි උලපනේ ප්‍රදේශයේ ම පදිංචිව සිටි මහලු කාන්තාවක්
මෙම ඝාතනයට ලක්වූ කාන්තාව ඇයගේ මුනුපුරා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග එකම නිවසේ ජීවත්ව සිට තිබෙනවා .
නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් මුනුපුරාගේ බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේ එම පුද්ගලයා නිවසේ සිට නොමැති බව පසුව අනාවරණය වී තියෙන්නේ
ඝාතනය සම්බන්ධ‍යෙන් 32 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
ඇත්ගාල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
menu
menu