කරදියනාරු ප්‍රදේශයේ භූගත ආයුධ ගබඩාවක්

පසුගිය එල් ටී ටී ඊ යුධ සමයේ භාවිතා කිරීම සඳහා වල දමා තිබූ භුගත යුධ උපකරණ ගබඩාවකින්, පුද්ගලනාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

එහි තිබී පුද්ගල නාශක බිම් බෝම්බ 299ක්, ඩෙටනේටර් 38ක් සහ ජීව උණ්ඩ 19,930ක් සොයා ගැනීමටයි හැකි වී ඇත්තේ.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් අඩි අටක පමණ ගැඹුරින් මෙම උපකරණ තොගය වල දමා තිබුණා.

අත්අඩංගුවට ගත් එම යුධ උපකරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලිසිය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ.

menu
menu