ක්ලබ් වසන්තගේ දේහය ගැන අලුත්ම ආරංචිය

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේදී ඉකුත් දා සිදුවූ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
ඔහුගේ දේහය දින දෙකක් පුරා නිවසට රැගෙන නොගොස් එම පෞද්ගලික මල් ශාලාවේම තැන්පත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, ජීවිතක්ෂයට පත්වූ ක්ලබ් වසන්තගේ දෙවන පුත්‍රයා විදේශගතව සිටින බැවින්.
ඔහු මෙරටට පැමිණෙන තෙක් දේහය එලෙස පෞද්ගලික මල් ශාලාවේම තැන්පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
menu
menu