ක්ලබ් වසන්ත ඝාතන තැත දෙපාරක්ම වැරදිලා - තොරතුරු රැසක් එළියට

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 'සුරේන්ද්‍ර වසන්ත පෙරේරා' නොහොත් 'ක්ලබ් වසන්ත' ටැටූ ව්‍යාපාරික ස්ථානයක ගෙන්වා ගැනීමට දෙවරක්ම උත්සහ කළද ඒවා ව්‍යාර්ථ වී ඇතැයිද ඔහුව එම ව්‍යාපාරික ස්ථානයට ගෙන්වා ගෙන ඇත්තේ තෙවැනි වතාවට උත්සහ කිරීමෙන් බව ප්‍රශ්න කිරීමේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනාවරණය කර තිබෙන බව වාර්තා වනවා.

පළමු උත්සහයන් දෙකේදීම ක්ලබ් වසන්ත කාර්යබහුල වීමත් වරෙක ඔහු විදෙස් ගත වීමට තැත් කිරීමත් නිසා ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණ නැත. ඔහු තෙවැනි වතාවට පැමිණි මොහොතේ දී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

පොලිස් විමර්ශන අනුව ඝාතකයන් පැමිණි මෝටර් රථය දුලාන්ට නැතහොත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ අයිතිකරුට ලොකු පැටීව හඳුන්වාදුන් මහේෂ් විසින් සිද්ධිය වූ දින අලුයම තුනට කඩුවෙල ගල්පොත්ත පාරට ගෙනැවිත් තිබෙනවා. අනතුරුව මෝටර් රථය භාරගෙන ඇත්තේ නාඳුනන පුද්ගලයකු විසින්.

ඝාතකයන් පළාගොස් අතහැර දමා තිබූ වෑන් රථය ලීසිං නොගෙවීම මත අත්පත් කරගත් රථයක් වන අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ අයකුට භාරදී ඇත්තේ ලොකු පැටීගේ උපදෙස් මතයි

menu
menu