ක්ලබ් වසන්තගේ දේහය ජයරත්න එකෙන් එලියට දාන්න මල්ශාලාවට එතෙරින් ආව තර්ජනය  

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පිහිටි මල් ශාලාවට ලබා දී ඇති තර්ජනාත්මක දුරකතන ඇමතුම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, බොරැල්ල පොලිස් ස්ථානය වෙත එම මල් ශාලාවට සම්බන්ධ අයෙකු කළ පැමිණිල්ලකට අනුවයි.

ක්ලබ් වසන්තගේ දේහය අදාළ මල් ශාලාවේ තැන්පත් නොකරන ලෙස තැන්පත් කරමින් එම ඇමතුම ලබා දී ඇති බවයි එම පාර්ශවය විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

විදේශ එටක සිට එම ඇමතුම ලබා දී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ඒ අනුව එම ඇමතුම ලබා දුන් දුරකතන අංකය සහ ඇමතුම ලබා දුන් පාර්ශවය හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ

menu
menu