කංජිපානි ඉම්රාන් ක්ලබ්  වසන්තගේ  පවුලේ  අයට දුන්න  දැනුම්දීම

අතුරුගිරිය ප්‍රදේශයේදි ඝාතනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ අවසන් කටයුතු අද පස්වරු 5ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, බොරැල්ල කනත්තේදීයි.
මේ වනවිට ඔහුගේ දේහය තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි.
ක්ලබ් වසන්තගේ දේහය එහි තැන්පත් නොකරන ලෙසට පවසමින් පසුගිය 10 වනදා එම මල් ශාලාවට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ලැබි ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ, ක්ලබ් වසන්තගේ දේශය එම මල් ශාලාවෙන් ඉවත් කර ගන්නා ලෙසට ඔහුගේ පවුලේ ඥාතීන්ටද දැනුම් දෙන ලෙස බලකමින්.
ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදි අනාවරණ වි ඇත්තේ විදේශ රටක සිට එම ඇමතුම ලබාදී ඇති බවයි.
ඒ අනුව දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල්ශාලාවට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් සැපයිමට පොලීසිය කටයුතු කළා.
එවන් පසුබිමක් තුළ යළිත් වරක් එම මල් ශාලාවට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.
එම ඇමතුම දුන් පුද්ගලයා එහිදී විමසා ඇත්තේ දේහය පෞද්ගලික මල් ශාලාවෙන් ඉවත් කර ගන්නා ලෙසට කළ දැනුම්දීම ක්ලබ් වසන්තගේ පවුලේ ඥාතීන්ට දැනුම් දුන්නේ ද යන්න පිළිබදවයි.
පසුගිය 9 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියේදී ක්ලබ් වසන්ත ඇතුළු එම ස්ථානයේ සිටි පිරිසක් තුවාල ලැබුවා. එහිදී එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පිනි කේ සුජීවාගේ සැමියා ජීවිතක්‍ෂයට පත් වුණා.
එමෙන්ම කේ සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිද ඇතුළු කිහිප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලීසිය පැවසුවේ
menu
menu