පොලිස්පතිගෙන් විශේෂ දැනුම් දීමක්

අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අතුරුගිරියේ වෙඩි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් විමර්ශනය කළ ආකාරය පසුගියදා මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා.

ඒ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.

පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශනවලට අදාළ වීඩියෝ පට මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම විරෝධය පළ කළ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙසත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් පොලීසිය පවසන්නේ මාධ්‍ය වෙත නිරාවරණය කරමින් සැකකරුවන්ගෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් මීට පෙර ද චක්‍රලේඛ නිකුත් කර ඇති බවයි.

menu
menu