රිෂාඩ් බදියුදීන්ගේ සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක් වෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

එම ජීප් රථය කරුවලගස්වැව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී අනතුරට ලක් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් මන්ත්‍රීවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මාර්ගයේ ධාවනය කරමින් තිබියදී යතුරුපැදියක් එකවර මාර්ගය හරහා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් යතුරු පැදිකරු සුළු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ඡා කර සමථයකට පත් කර ගත් බව කරුවලගස්වැව පොලීසිය පැවසුවා.

menu
menu