ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති රැස්වීමකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලබා රෝහල් ගත කර සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිදුවූ වෙඩි ප්‍රහාරය හේතුවෙන් රැස්වීම සඳහා පැමිණ සිටි සාමාන්‍ය වැසියෙකුද බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තුවාලකරුවන් සහ ආරක්ෂක අංශ අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී ප්‍රහාරකයෙකු මිය ගොස් ඇති බවට සඳහන්.

ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙලා දකින බවයි.

menu
menu