අතුරුගිරියේ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් ටැටූ හිමිකරු බන්ධනාගාරයේ වෙනම රඳවයි

තුරුගිරියේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා වාට්ටු දෙකක රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ටැටු ව්‍යාපාරයේ හිමිකරු එම් වාට්ටුවේ රදවා සිටිනවා.

සෙසු සැකකරුවන් හයදෙනා රදවා ඇත්තේ ඊ වාට්ටුවේයි.

සැකකරුවන් බන්ධනාගාර ගත කළ විට ඔවුන් බැලීමට ඉරිදා හැර සෙසු දිනවල ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව පවතිනවා.

එහෙත් මෙම සැකකරුවන් බැලීම සදහා පවුලේ ඥාතීන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට දෛනිකව පැමිණ නොමැති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

menu
menu