විදුලි බිල දැනෙන ගානකින් අඩු කරයි

විදුලි ගාස්තු 22.5%කින් අඩු කිරීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා
ඒ අනුව ගෘහස්ථ විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කර ඇති බවයි.
ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 30-60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩු කර තිබෙන අතර එය 55%ක අඩුවීමක්.
මීට පෙර ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය රුපියල් 390 සිට රුපියල් 280ක් දක්වා මේ අනුව පහත බැස ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දුන්නේ.
ඒකක 60ක් භාවිත කළ පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බල්පත රුපියල් 1140 සිට 700 දක්වා අඩු කර තිබෙනවා.
menu
menu