ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ

ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට නොබෝ වේලාවකට පෙර නියම කළා.

රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.

අදාළ නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් අදාල පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ අරුණ ලක්සිරිට නියෝග කෙරුණා.

menu
menu