මෛත්‍රී වසර හයක් කල් ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන සියයක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉතිරි මුදල ගෙවීම සඳහා වසර හයක කාලයක් ලබා දෙන ලෙසයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් එම ඉල්ලීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ


menu
menu