සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව වැඩි කෙරේ ජිවිත තර්ජන  බව සජබ කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව කතානායකවරයා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විපක්ෂයේ ඉල්ලීම මත ආරක්ෂක අංශය සමඟ සාකච්ඡා කර අවශ්‍ය කරන ආරක්ෂාව ලබාදීමට කටයුතු කළ බවයි.

menu
menu