කංජිපානි ලංකාවට ගේන්න හිටපු  පොලිස් පරීක්ෂක බලය ඉල්ලයි

තමන්ට බලය පැවරෙන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට ඇති බව ප්‍රංශයේ රැඳි සිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසනවා
කලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද ජයතිලක මේ වන විට මරණ තර්ජන ඇති බව පවසමින් විදේශගතව සිටින අතර ඔහු ප්‍රංශයේ සිටින බවයි පැවසෙන්නේ
ඔහු පවසන්නේ තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ උපන්දින සාදයට එක්වූ බවට සමාජ මාධය ඔස්සේ අසත්‍ය ප්‍රචාර යවා ඇති බවත් තමන්ට පාතාල සාමාජිකයන් සමග සම්බන්ධතාවක් නොමැති බවත් එසේ සම්බන්ධතාවක් පවත්වාගැනීමට අවශ්‍යතාවක්ද නොමැති බවය.
menu
menu