ක්ලබ් වසන්තගේ බිරිඳට සවිකර තිබූ  මැෂින් කීපයක් ඉවත් කරයි තහවුරු කරගත් සත්‍යය තොරතුරු

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය තුළ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ක්ලබි වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ නෙත් නිවුස් වෙත වාර්තා වුණා. මේ වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පසුගිය දින කිහිපය තුළම ඇය දැඩිසත්කාර ඒකකයේ යන්ත්‍ර ආධාරයෙන් හුස්ම ගැනීම සිදුකල අතර මේ වනවිට ඇයගේ මුඛ ප්‍රදේශයෙන් සවිකර තිබූ නලය ද ඉවත් කර තිබෙනවා. මීට අමතර ඇයට ප්‍රතිකාර ලබාදීම සඳහා යොදාගත් අනෙකුත් යන්ත්‍රවලින් එක් යන්ත්‍රයක් ද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඇයගේ ඥාතීන් පවා හඳුනා ගැනීමට නොහැකිව අසාධ්‍ය තත්ත්වය සිටි ඇයට ඊයේ දිනයේ සිට ඥාතීන් සමඟ වචන ස්වල්පයක් කතා කිරීමේ හැකියාව ද ලැබී තිබෙනවා. ඊයේ දිනයේ ක්ලබ් වසන්තගේ මව ද දැඩිසත්කාර ඒකකය පැමිණ ඇයගේ සුවදුක් විමසා තිබෙන අතර තවත් ඥාතීන් කිහිප දෙනෙකු ද පැමිණ ඇයගේ සුවදුක් විමසා තිබෙනවා. කෙසේවෙතත් ඇයගේ උදරය ප්‍රදේශයට සහ කොදු ඇට පෙළට වෙඩි ප්‍රහාර 04ක් පමණ එල්ලවී තිබෙන බැවින් සිදුවූ තුවාල තවමත් බරපතල තත්ත්වයක පවතින බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාර හේතුවෙන් ඇයගේ එක් අතක අස්ථියකට, පාදයකට සහ කොදු ඇට පෙළට බරපතල හානි සිදුව තිබෙන බවත් ඒ පිළිබඳ මෙතෙක් වෛද්‍යවරුන් වාර්තාවක් ඉදිරිපත් නොකර තිබෙන බවයි වාර්තා වන්නේ. පසුගිය දින කිහිපය තුළ කළුබෝවිල රෝහලේදී ඇයට සැත්කම් දෙකක් සිදුකර තිබෙන අතර එම සැත්කම් දෙක ද සාර්ථකව අවසන් කර තිබෙනවා.
ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් රෝහල ඇතුළත පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු ද රැඳී සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පසුගිය 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සහ ජනප්‍රිය ගායන ශිල්පී කේ සුජීවාගේ සැමියා මිය ගිය අතර ජනප්‍රිය ගායන ශිල්පී කේ සුජිවා සහ ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
menu
menu