ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ සජිත්ගේ ප්‍රේමදාසගේ ආරක්ෂාව දැඩි කෙරේ

අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුට එරෙහි ඝාතන කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණ කර ගැනීමත් සමගයි.

මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ ඉරානය විසින් බවටයි අමෙරිකානු ආරක්ෂක අංශ චෝදනා කරන්නේ.

මෑත කාලීනව අමෙරිකානු බුද්ධි අංශය වෙත ලද තොරතුරුවලින් මෙම ඉරාන ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි සඳහන්.

කෙසේවෙතත් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන ඉරානය පවසන්නේ එම චෝදනා ද්වේශ සහගත බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව කතානායකවරයා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විපක්ෂයේ ඉල්ලීම මත ආරක්ෂක අංශය සමඟ සාකච්ඡා කර අවශ්‍ය කරන ආරක්ෂාව ලබාදීමට කටයුතු කළ බවයි.

menu
menu