තාක්ෂණික දෝෂය ගැන සොයන්න රජයේ තොරතුරු පද්ධති 40ක වාර්තාවක් කැඳවයි

මෘදුකාංගයක හට ගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට බලපෑමක් සිදුව ඇත්දැයි සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙනවා.

එම තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන්නේ මයික්‍රොසොෆ්ට් පද්ධති මත පදනම්වදැයි සොයා බැලීම සඳහා එම වාර්තා කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ.

අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතයනක මෘදුකාංගයක හට ගත් තාක්ෂණික දෝෂයෙන් මෙරට පෞද්ගලික ආයතන 04කට බලපෑම් එල්ල වී ඇති බවට පැවසෙනවා.

අදාළ තාක්ෂණික දෝෂය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම්වලටද බලපෑම් එල්ල වුණා.

menu
menu