ප්‍රසන්නගේ  රැළිය වර්ජනය කරන්න ගම්පහ ප්‍රබලයන් තීරණය කරයි 

ලබන21වැනිදා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ගම්පහ කඩවත පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කිරීමට ගම්පහ ප්‍රබලයන් තීරණය කොට ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එම රැස්වීමට‌සහභාගී නොවන බව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර දැනටමත් ප්‍රසන්න රණතුංග වෙත දැනුම් දී ඇති බව පැවසෙනවා.

එමෙන්ම ගම්පහ පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන්ද එම රැස්වීමට සහභාගී නොවන බව අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා බියගම පොහොට්ටු සංවිධායකවරයා වෙත කතා කොට ඇති අතර හෙතෙම එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇති අතර මෙහිදී දෙදෙනා අතර උණුසුම් සංවාදයක්ද සිදුව ඇති බව වාර්තා වනවා.

menu
menu