විශේෂ පොලිස් ආරක්ෂාවක් 



දිවයිනේ සෑම පොලිස් බල ප්‍රදේශයකම ඇසළ පෝය නිමිති කර ගෙන පැවැත්වෙන ආගමික කටයුතු හා සංස්කෘතික උත්සව අවස්ථාවන් වෙනුවෙන් විධිමත් ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කල යුතු බවට පොලිස් ස්පති විසින් සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියළුම පොලිස් නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව මහජනතාව වැඩි වශයෙන් පැමිණීම සිදු විය හැකි බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන හා පෙරහර ගමන් මාර්ග වල ආදියෙහි ආරක්ෂාව තහවුරු කිරීමටත් , සෑම පොලිස් වසමකම දිවා රාත්‍රී ක්‍රියාත්මක වන පරිදි ජංගම සංචාර, පාමුර සංචාර, පා පැදි, බීට්ටු සහ යතුරු පැදි සංචාර යෙදවීමටත් කටයුතු කරන ලෙස දැනුවත් කර තිබෙනවා.

menu
menu