අලි සබ්රි රහීම්ට ඇප 

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් යන අයව රුපියල් ලක්ෂ 02 ක් වන ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් වරයා 20 වැනිදා දහවල් නියෝග කර තිබෙනවා.

අලි සබ්‍රි රහීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පුත්තලම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අයෝනා විමලරත්න මහත්මිය ඉකුත් 08 වැනිදා නියෝග කර තිබුනා.

එම නියෝගයට අනුව 20 වැනිදා පෙරවරුවේ අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා කල්පිටිය පොලීසියට බාර වී ඇත.පසුව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත් කල්පිටිය පොලීසියේ නිලධාරීන් ඔහුව පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

ඉකුත් මාර්තු මාසයේ දිනක කල්පිටිය - කුරිංඥංපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන රාජ්‍ය නොවන සංවිධානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලකයින්ට බලපෑම් කරන ලදැයි අලි සබ්‍රි රහීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මෙම නඩුවට අවස්ථා කීපයකදීම මන්ත්‍රීවරයා පෙනී සිට නොමැති අතර.එමෙන්ම කරුණූ දැක්වීම සදහා මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයෙකු හෝ පෙනී සිට නොමැත.

අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත්වරිය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත්තේ එම කරුණූ සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවයි

menu
menu