රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව වැඩි කරන්න කියයි

ජනාධිපතිවරණ දිනය මැතිවරණ කොමිසම ප්‍රකාශය කිරීමෙන් පසුව ඒ සඳහා සියලුම වැඩ කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදනාම් කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා තම දෙපාර්තමේන්තුව සූදානම් බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සඳහා වැයවෙන වියදම මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවත් ඇය සඳහන් කලා.

එමෙන්ම පසුගිය මැතිවරණවලට සාපේක්ෂව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තර කරන ලෙසත් තමන් විසින් අදාළ බලධාරින් දැනුවත් කළ බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් පැවසුවේ.

menu
menu