වැලිකඩ බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ සිරකරුවෙකු සිදුවුණු  දේ

වැලිකඩ බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ සිරකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබෙනවා.

පෙදරේරු අංශයේ රාජකාරිවල නිරතව සිටි එම සැකකරු ඊයේ පස්වරු 05ට පමණ නිලධාරී භාරයෙන් මිදී වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ වෙනත් ස්ථානයක රැඳී සිට ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

බන්ධනාගාර පරිශ්‍රයේන් පළා යාම සඳහා ඔහු ගසක් මත පැය කිහිපයක් සැඟව සිටි ඇති බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා.

එම සිරකරු නිලධාරී භාරයෙන් පළා යාමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිරකරු අද අලුයම 5 ට පමණ වැලිකඩ බන්ධනාගාර තාප්පයෙන් පළා යාමට තැත් කිරීමේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පළා යාමට තැත් කර ඇත්තේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වසර 09ක සිරදඬුවම් නියමව සිටි වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සිරකරු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ වෙනම රඳවා සිටිනවා.

ඔහුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්න බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

menu
menu