ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායකත්වය වෙනස් වෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක පත් කර තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

නිමා වූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවීම හේතුවෙන් සමාජ මාධ්‍යයෙන් දැඩි විරෝධතා එල්ල වුණා.

එම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කළ හිටපු නායක වනිදු හසරංග පසුගිය දා සිය නායකත්වයෙන් ඉල්ලා අස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස් ද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස් ලෝක කුසලාන තරගාවලියේ දිගින් දිගටම අසාර්ථක වීම සහ මේ වනවිට පැවැත්වෙන එල් පී එල් තරග කිහිපයකදීම ලකුණු අතරට නොපැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව එළඹෙන ලබන 27 වෙනිදා ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස චරිත් අසංලක පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

චරිත් අසලංක මේ වනවිට පැවැත්වෙන එල් පී එල් තරගාවලියේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් ඔහු නියෝජනය කරන එම කණ්ඩායම අවසන් මහා තරගය දක්වාම රැගෙන යාමට සමත් වී තිබෙනවා.

menu
menu