ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ තරුණියක් අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට අදාළව සැකපිට තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය සිදුකල ඉල්ලීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාත් - දකුණු අපරාධ කොට්ඨාසය විසින් එම සැකකාරියව අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ, “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මතයි.

menu
menu