කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් කොළඹ ජාතික  රෝහල ඉදිරිපිට  ත්‍රීරෝද රථයක

තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මල සිරුරක් කොළඹ 07, වෝඩ් පෙදෙසේ ත්‍රී රෝද රථයක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.
කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත ලද 119 දුරකථන පණිවිඩයකට අනුව වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී එම මලසිරුර සෙයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පොලිසිය අදාළ ත්‍රීරෝද රථයේ අංකය පිලිබඳ තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ එය මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් එකක් බවයි.
ත්‍රිරෝද රථයේ අයිතිකරුගෙන් පොලිසිය කරුණු විමසීමක් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ සිය මස්සිනාට කුලී රථ සේවාවක් පවත්වාගෙන යාමට එම ත්‍රීරෝද රථය ලබා දි තිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා
menu
menu