ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට මෙන්න

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව දැනුම් දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායකගේ අත්සනින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීම එම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සිදු කිරීමට නියමිතයි.
menu
menu