නාමල් බන්දුල පැටලෙයි
කිසිදු දැනුම් දීමකින් තොරව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කිරීමට එරෙහිව බන්දුල ගුණවර්ධන විසින් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ පක්ෂ විනය කඩකර ඇති බවයි.
මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලිසියට ක්රියාත්මක විය නොහැකි බවයි.
මේ පිලිබදව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් මේ පිලිබදව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්රී ජනක වැලිවත්තගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.
ඒ අනුව එහි තේ පැන් සංග්රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ පවසා සිටියා