පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් 35ක් ජනපති සමග
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 35කට ආසන්න පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වුණා.
ඒ, ජනාධිපතිවරයාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේදීයි.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එම මන්ත්රීවරුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.