කොස්තාපල්වරයා, කාන්තාව සහ ගැහැණු ළමයා ඝාතනය කරයි

මොණරාගල, කරාඬුගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වලින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ ඉගිණියාල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අද අලුයම ඝාතනය කර තිබෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මේ අතර ඉගිණියාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක කාන්තාවක් සහ අවුරුදු 17 ගැහැණු ළමයෙකු ද අද අලුයම ඝාතනය කර තිබෙනවා.

එමෙන්ම කරාඬුගල පොලිස් ස්ථානයේ උපසේවක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද සිය රාජකාරි ගිනි අවියෙන් එම පොලිස් ස්ථානය තුළම සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය සැක පල කරන්නේ ඝාතනය වූ ඉගිණියාගල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයා, කාන්තාව සහ ගැහැණු ළමයා ඝාතනය කර ඇත්තේ සියදිවි හානි කරගත් කරාඬුගල පොලිස් ස්ථානයේ උප සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා විසින් බවයි.

menu
menu