ටිපර් රථයේ හුළං යැවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්
වත්තල ප්‍රදේශයේදී ටිපර් රථයක රෝදයක හුළං යැවූ පොලිස් නිලධාරියෙකු පිළිබඳ වාර්තා වීමත් සමඟ ඉහළ පොලිස් නිලධාරින්ගේ ද අවධානය යොමු වී තිබුණා.
අදාළ සිද්ධිය සම්බන්ධ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ද එම වීඩියෝ පටය ඇතුළත්.
ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳ වාර්තා වීමත් සමඟ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාරගේ එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව නාගරික රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ සිදුකල විමර්ශනයකින් අනතුරු සැකකාර පොලිස් සැරයන්වරයාගේ සේවය තහනම් කර තිබෙනවා.
සිද්ධියට අදාළ පොලිස් සැරයන්වරයා නාගරික රථවාහන කොට්ඨාසයේ රාජකාරී සිදු කරනු ලැබුවා.