මැතිවරණය පෙනි පෙනී හමුවුණු පුපුරණ ද්‍රව්‍ය ‍තොගය

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් ඊයේ දින මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදුකර තිබුනා

මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැකකෙරෙන කැබ් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සවුත්බාර් ප්‍රදේශයේ සඟවා තබන්නට ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ

menu
menu