අතුරුගිරියේ ඝාතකයන් පළා ගිය බස් රථය ගැන අලුත්ම ආරංචිය
අතුරුගිරිය ටැටූ ආයතනය තුළ සිදු වූ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පළා ගිය බස් රථය කතරගම ප්රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගෙන තිබෙිනා
පසුගිය මස 8 වෙනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ලැබුවා
අපරාධයට අනුබල දුන් සැකකරුවෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී අගෝස්තු මස (06) වන දින අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්රශ්න කිරීමේදී එම සැකකරු අම්බලන්ගොඩ ප්රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවේ .
අනතුරුව එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීමේදී අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලායාමට භාවිතා කළ බස් රථය කතරගම ප්රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා