මාන්කුලමේ බෝම්බ පිපිරීමක් සිව් දෙනෙකුට රෝහල් ගත කරයි

මුලතිව් - මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බිම් බෝම්බයක් පුපුරා යාමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වෙනවා
යුද සමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වලදමා තිබූ බිම් බෝම්බයක් මෙලෙස පිපිරී ඇති බවයි තුනුක්කායි පොලීසිය පැවසුවේ
බෝම්බය පිපිරීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධායක බෝම්බ ඉවත් කරමින් සිටි සේවිකාවන් සිව්දෙනෙක්.
බරපතල තුවාල ලැබූ අදාල කාන්තාවන් සිව් දෙනා මාන්කුලම් මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන තිබෙනවා.
menu
menu