පූර්ණ ටෙස්ට් තරඟාවලි පරාජයකින්  ගැලවීමේ අරමුණින්  ශ්‍රී ලංකාව අද පිටියට



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා.

ඒ, එංගලන්තයේ ඕවල් පිටියේදීයි. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකළ කුසල් මෙන්ඩිස් මෙම තරඟය සඳහා නැවතත් කණ්ඩායමට කැඳවීමට නියමිත අතර පළමු තරඟ දෙකේදී අසාර්ථක වූ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්කට අද තරඟයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟ දෙකම ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

menu
menu