ජනපති ළඟට ගිය මන්ත්‍රීවරුන් පිරිසක් යළි පොහොට්ටුවට එන්න ඉල්ලයි



ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් යළි ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට එක්වීමට සූදානම් වන බවට වාර්තා වනවා.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයාට දුරකථන ඇමතුම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට එක්ව සිටියදීද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එලෙස දුරකතන ඇමතුම් ලබාදී ඇති බවයිපැවසෙන්නේ.

යළි තමන්ට සහාය දක්වන්නේ නම් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස එක්වන ලෙසට ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතා එහිදී එම මන්ත්‍රීවරුන්ට පවසා ඇතැයිද වාර්තා වනවා.

ඊට එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකගතාව පළ කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ

menu
menu