නයිජීරියාවේ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙකු  මරුට

උතුරු-මැද නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙක් මියගොස් තිබෙනවා.

අනතුරින් පසුව වාහන දෙකම ගිනිගෙන පුපුරාගොස් ඇති අතර මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් වාහන කිහිපයකට ද ඉන් හානි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගවයින් ප්‍රවාහනය කළ රථයක් මෙම ඉන්ධන ප්‍රවාහන බවුසරයේ මුහුණට මුහුණ ගැටී ඇති බවයි

නයිජීරියාවේ මෙවැනි අනතුරු වලට හේතුව දුර්වල මාර්ග පද්ධති තිබීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

menu
menu