රජයේ වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිවයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එළඹෙන දින 07ක කාලය තුළ මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් අපේක්‍ෂා කරන බවයි.

menu
menu