මැතිවරණ පැමිණිලි 3,828න් 3,720ක් විසඳයි

ජනාධිපතිවරණයට අදාළ තවත් පැමිණිලි 218ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පසුගිය ජූලි 31වනදා සිට පසුගිය 12 වනදා දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,828ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

ඉන් පැමිණිලි 3,720ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි. තවත් පැමිණිලි 28ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට ලැබී ඇති 3,828ක් වූ සමස්ත පැමිණිලි සංඛ්‍යාවෙන් 3,190ක් විසඳා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.

සෙසු පැමිණිලි 638 සම්බන්ධයෙන් මේ වන විටත් ක්‍රියා කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

menu
menu