මැතිවරණ රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරියෙක් හදිසියේම මියයයි
අද දහවල් පුලස්තිපුර – විජීත ප්‍රථමික විදුහලේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම පොලිස් නිලධාරියා හදිස්සියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පුලස්තිපුර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ