නව ජනපති  කාදිනල් හිමි බැහැදකී

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක තිබෙනවා.

ඒ බොරැල්ල අගරදගුරු නිල නිවසේදි.

එහිදී අගරදගුරු හිමි පාණන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත වී තිබෙනවා.

මෙහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක්කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

menu
menu