සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවත් පැය කිහිපයක් තුළ

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් පැය කිහිපයකින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වන විට පවතින්නේ අවසන් අදියරේ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වුණා.

ඊට අයදුම්කරුවන් හාරලක්ෂ 52,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ

menu
menu