ප්‍රභූ ආරක්ෂාව ගැන හිටපු ජනාධිපතිවරු රජයෙන් කරපු ඉල්ලීම

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා
ඒ අනුව අද පස්වරුවේ
අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක් විමට නියමිතයි
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා රජය තීරණය කලා
කෙසේවෙතත් ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන් තම ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබෙනවා
ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි
menu
menu