ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු 

ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා ද කැබිනට් එකඟතාව හිමිවී තිබෙනවා..

කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කර සිටියා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරිම පිණිස ජනාධිපතිවරයාට බලතල හිමි වනවා.

ඒ අනුව, සැප්තැම්බර් 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලන්ගමුව මහතා (ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක) ලෙස සහ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා (ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ) ලෙස පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී තිබෙනවා.

menu
menu