අනුරගේ පළමු කැබිනට් මණ්ඩලයෙන් මන්ත්‍රීවරුන් උණ ගැනෙන්න ගත්තත් තීරණ ටික   

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවට වාර්තා වෙනවා
නව රජයේ පළමු කැබිනට් මණ්ඩලය ඊයේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේ මෙම අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වුණේ
ඒ අනුව තීරු බදු රහිත වාහන බලපත්‍ර, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, කාර්යාලයක් සඳහා ගෙවන රුපියල් ලක්ෂයක දීමනාව, රුපියල් පනස්දහසක මාසික දුරකථන දීමනාව, තුන් ලක්ෂ පනස් දහසක් වන වාර්ෂින මුද්දර දීමනාව ඇතුළු තවත් මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටද තීරණය වී තිබෙනවා
පළමුව එම වරප්‍රසාද ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේක අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන්නේ
කෙසේ වෙතත් හිටපු ජනාධිපතින් හා ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් හිමිව ඇති වරප්‍රසාද අහෝසි කිරීමට නියමිතව ඇතත් ඇතැම් ඒවා අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නිසා ඒ සම්බන්ධයෙන් පසුව තිරණයක් ගැනිමට නියමිතයි
menu
menu