දිගු දිවියකට අපිත් එක්ක ඉමු හයිඩ්‍රේට් ශ්‍රී ලංකාවෙ ඉතින් ඇරයුම්

Hydrate Sri Lanka සමාගම ශ්‍රී ලංකාව පුරා සිටින පුජාවන්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ඉහළ නැංවීමට කැපවී සිටින ජල අයනී කරණ කර්මාන්තයේ ප්‍රමුකයන් වේ. එදිනෙදා ජලය භාෂ්මික, ප්‍රතිඔක්සිකාරක බහුල සජලනය බවට පරිවර්තනය කරන අපගේ ඉහළම මට්ටමේ ජල අයනීකරණ පද්ධති හරහා විද්‍යාත්මකව ඔප්පු කරන ලද සහතික කළ වෛද්‍ය මට්ටමේ ජලය සැපයීම කෙරෙහි අපි අවධානය යොමු කරමු.
අපගේ ඉලක්කය වන්නේ මෙම අති නවීන තාක්ෂණය රට පුරා පිහිටි නිවාස, ව්‍යාපාර සහ රාජ්‍ය ආයතන වෙත ලබාදී ශ්‍රීලාංකිකයන්ගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුනු කිරීමයි. ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය සඳහා කැපවන Hydrate Sri Lanka ආයතනය, රට පුරා ජලයේ ගුණාත්මක විප්ලවීය වෙනසක් ඇති කිරීමට ප්‍රමුඛයා වේ.
Hydrate Sri Lanka පිළිබද වැඩි විස්තර Hydrate Sri Lanka ආයතනයේ මූලිකත්වය දරන්නේ මිනිස් මොළය අවබෝධ කර ගැනීම සදහා ඉතා සංකීර්න අධ්‍යනයක නිරත වී සිටින ස්නායු විද්‍යාඥයෙකු වන ආචාර්ය පුබුදිතා අගල කුඹුර මහත්මියයි. Huntington's disease වැනි ස්නායු විකෘතිතා රෝග සහ හදිසි මොළයේ තුවාල හේතුවෙන් ඇතිවන විඥානයේ ආබාධ (DOC) පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ආචාර්ය අගලකුඹුර මහත්මිය දැනුම හා අත්දැකීම් සම්භාරයකින් සමන්විතය. ඇය දැනට ඕස්ට්‍රේලියාවේ Monash විශ්ව විද්‍යාලයේ Turner Institute For Brain and Mental Health අංශයේ මොළය සහ මානසික සෞඛ්‍යය පිළිබඳ පරීක්ෂන කටයුතු මෙහෙයවයි. තවද, ආචාර්ය අගල කුඹුර මහත්මිය කැනඩාවේ Western Ontario විශ්ව විද්‍යාලයේ මිනිස් අ මොළය පිළිබද දීර්ග කාලීන පරීක්ෂණ මෙහෙයවා ඇත.
ආචාර්ය අගල කුඹුර මහත්මිය සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කිරීමට සහ මොළයේ ක්‍රියාකාරිත්වයට සහාය වන Alkalized ජලය සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් පසු එහි ප්‍රතිලාභ ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම අරමුණු කොටගෙන Hydrate Sri Lanka ආයතනය බිහි විය. එබැවින් Hydrate Sri Lanka අපගේ මෙහෙවර වන්නේ විද්‍යාත්මකව තහවුරු කර ඇති වෛද්‍ය ප්‍රමිතියෙන් යුත් ජලය සාමාන්‍ය ජනතාවට ලබාදීමයි.
ඇය සමඟ මෙම මෙහෙයුමට එක්වන්නේ ප්‍රවීණ කථිකාචාර්යවරයකු සහ ව්‍යාපාරික උපදේශකයකු වන කෞශල්‍ය අගල කුඹුර මහතාය. අධ්‍යාපනය සහ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ ඔහුගේ ප්‍රවීණත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රජාවන් වෙත පිරිසිදු විද්‍යාත්මකව වලංගු වෛද්‍ය මට්ටමේ ජල විසඳුම් ගෙන ඒමේ අපගේ උත්සාහය සම්පූර්ණ කරයි. වෛද්‍ය ප්‍රමිතියෙන් යුත් මෙම ජලය සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමෙන් සැමගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම වැඩි දියුණු කිරීමට අපි සැවොම එක්වෙමු.
menu
menu