ඊශ්‍රායලයට ඉරානයේන් මිසයිල ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ගැනත් දැනුම් දීමක්

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් ඊයේ රාත්‍රියේ එල්ලවී තිබෙනවා
විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඉරානයේ සිට මෙම ප්‍රහාර එල්ල වි ඇති බවයි
කෙසේ වෙතත් ඇතිවිය හැකි ප්‍රහාරයක් පිළිබඳව අමෙරිකාව මීට පෙර ඊශ්‍රායලයට අනතුර අඟවා තිබුණා
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඊශ්‍රායලයේ අගනුවර දෙසට මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවටයි.
ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානය තහවුරු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ඊශ්‍රායලයට, ඉරානය එල්ල කරන මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කරන්නැයි, අමෙරිකානු ජනපති ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ.
ඉරානය බැලැස්ටික් මිසයිල 180 ක් යොදා ගෙන ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ
ඉරානයෙන් මිසයිල එල්ල වෙද්දී, එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක කර තිබෙනවා
එහෙයින් මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට ඊශ්‍රායලයට හැකිව තිබෙන බවටයි වාර්තා වන්නේ
මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසයි.
menu
menu